Adlink

Monday, August 1, 2011

Back up Bookmarks in chrome & firefox

Bookmark Backup කරමු.
යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ පොඩි හරිම සරල දෙයක්.කොහොමද google chrome වල හා fire fox වල bookmarks back up කරගන්නේ කියලා.මේක කරන්න ගොඩක් ක්‍රම තියෙනවා මම අද ක්‍රම 2ක් විතර කියල දෙන්න තමයි බලාපොරොත්තුව.ඔයාලා මීට වඩා ලේසි ක්‍රමයක් දන්නවනම් සදහනක් දාලායන්න අමතක කරන්න එපා ඒක මට වගේම තවත් අයට උදව්වක් වෙයි.
1.ප්‍රශ්නය : ඇයි bookmark backup කරන්නේ?
හ්ම්ම්ම් මේවගේ ප්‍රශ්නයක් සමහරුන්ට එන්න පුලුවන් .මටනම් ගොඩක් වෙලාවට වෙබ් සයිට්වලට ගිහින් පසුවට බලන්න bookmark කරගන්නවා.( Ctrl හා d අකුර එකවැර එබිමෙන් මෙය සිදුකිරිම කල හැක. )නමුත් අපිට හදිසියේ අපගේ පරිගනකය format කරන්නට හෝ අපගේ වෙබ් බ්‍රව්සරය uninstalle කරන්නට සිදුවුවිට.අප මාස ගනනක් bookmark කර තිබු සියලුම දත්ත  නැතිවි යනවා.එමනිසා ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සරය backup කරගැනිම තුලින් එවැනි අවස්ථා මග හරවා ගැනිමට ඔබට පුලුවන්.


2.කොහොමද මේක කරන්නේ?
ක්‍රම කිහිපයක් තියෙනවා අපි එකින් එක බලමු.
Fire fox වල
bookmarks----->show all bookmarks----->import and back up----->back up ඉන්පසු backup file එක save වීමට ස්තානයක් තෝරා දෙන්න.




back up එකක් නැවත ඉස්තාපනය කරගැනිමට restore යන්නෙන් backup file එක save උන තැන  තෝරා දෙන්න.backup files c drive එක තුල නොව වෙන  drive එකක save කරන එක වඩාත් සුදුසුය මොකද format කරත් ඔබට backup ආරක්ශා කරගත හැක.


Chrome වල
රූප අපැහැදිලිනම් එය මත click කරන්න
customize and control google chrome කියන සලකුන උඩ click කරන්න


ඉන් පසු bookmark manager


පසුව export bookmarks යන්නෙන් bookmark save කිරිමට අවශය තැන තෝරා දෙන්න.පෙර පරිදිම import bookmark යන්නෙන් කලින් backup කල bookmark ලබාගත හැක.


එහෙමත් නැතිනම් chrome වල bookmark  user name හා pass word  ලබා ගැනිමට තව ක්‍රමයක් බලමු.
xp වල නම් start------>run එකේ මෙම කොඩ් එක past කර enter කරන්න.
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data


***එවිට පිවිසෙන user data folder එක තුල ඇති default folder එක තුලට පිවිසෙන්න.එය තුල ඇති bookmarks කියනfil එක copy කර තමුන් සාදා ගත් folder එකකට past කරගන්න.




****password ලබාගැනිමට අවශය නම්  Login Dataලෙස ඇති fileඑක copyකර තමුන් සාදාගත් folder එකක past කරගන්න.
ඔබට chrome uninstalle කර නැවත පෙර bookmarks හා password ලබා ගැනිමට අවශය නම් පෙර පරිදිම 
start------>run එකේ ඉහත කොඩ් එක past කර enter කරන්න.


*****පසුව අපි සාදා ගත් බැකප් ෆොල්ඩරය තුල වු bookmark හා login Data file copy කර past කරන්න එවිට overwrite කිරිමට විමසන අතර yes කරන්න. දැන් නැවතත් ඔබගේ bookmarks හා පාස්වර්ඩ් ඔබට භාවිත කර හැක.


xp සදහා   
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
vista සදහා
%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data


එහෙමත් නැත්තන් ඔබට පාස්වර්ඩ් ලබාගැනිමට තවත් ක්‍රමයක් ඇත මෙය 7 සදහා සාර්ථක නොවන අතර xp හා vista සදහා යොදා ගත හැක.
මේ සදහා web browser pass view යන  කුඩා software එක භාවිතා කල යුතුය.මා කලින් pendrive එකෙන් හැක් කරන එකටත් මෙය භාවිතා කර ඇත.
මෙතනින් download කරගන්න
එහෙනම් මගේ බ්ලොග් එකට ආවට ඔක්කොටම ස්තුති.තව පොස්ට් එකකින් හමුවෙමු  ජය ශ්‍රි !

No comments:

Post a Comment

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා