Adlink

Tuesday, July 31, 2012

AL කරන මල්ලිලාට මොඩල් පේපර්ස්



හායි කස්ටිය Al කරන නන්ගිලා මල්ලිලාට 2012 chemistry හා physics model papers ඕනි නම් මෙතනින් පිවිසෙන්න නනගිලා මල්ලිලා ඔයාලාගෙ ජීවිතයේ කඩයිමක් වන AL ඔයාලා බලාපොරොත්තු වෙන අන්දමට සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා !

AL ගුරුගෙදර











පොස්ට් 100ක් ගැහුවා




















හායි කස්ටිය කොහොමද මාත් ඔන්න බ්ලොග් අවකාශය තුල පොස්ට් 100ක් ගැහුවා.මගේ බ්ලොග් කරනයට පිවිසිම ගැන කතා කරොත් මුලින්ම ස්තුති කරන්න ඕනි මහසොනා බ්ලොග් එකේ මල්ලිට මොකද එයා තමයි මුලින්ම මට අයියා මේ ටික බලන්නකො කියලා ගුරු LK එකයි,electronic ගැන සින්හලෙන් තියෙන බ්ලොග් එකකුයි මහසෝනාගෙ අඩවිය බ්ලොග් එකයි දුන්නේ කියවන්න කියලා.එදා මටත් හිතුනා සින්හල බ්ලොග් එකක් කරන්න ඕනි කියලා.කෙනෙකුටක වචනෙකින් හරි උදව්වක් වෙන දෙයක් කරන්න.2010 නොවැම්බර් මාසේ ආරම්භ කරනකොට මම මුලින්ම දැන්මේ cheat engine එකෙන් torrant speed කරන හැටි කියලා ඒකෙදි ස්වල්ප වශයෙන් වේගයේ වැඩි විමක් තිබුනද ඒවා ගැන මතක් වෙනකොට හිනත් යනවා .ඒකාලේ තිබුන ගොඩක් බ්ලොග් වලින් ගොඩක් තාක්ශනික ජාති, අන්තර්ජාලය ,බ්ලොග් ගැන ගොඩක් ජාති ඉගෙන ගත්තා.බිලා ආතල් ගත්තුවා ජොයින්ට් ගහපුවා කැලි ටොක් කරපුවා කවි කතන්දර නිසදැස් ලියනවාට වඩා කෙනෙකුට ප්‍රයෝජනයක් වෙනදෙයක් ලියන්න උත්සහ කරා ලියනවානම් කවිකතන්දර එමටයි :P නමුත් ඒවගෙන් කාටවත් වැඩක් නැ විනාඩි දෙක තුනක සොමියක් විතරයි comment නම් බරටම වැටෙයි නමුත් කාටවත් පලක් වුවාදැයි සැකය.මෙහෙම කිවා කියලා කතන්දර ලියන කස්ටිය තරහ වෙන්න එපා ඒක එක එක්කෙනාගේ කැමත්ත නොවැ :)
මම දන්න දෙයක් තිබුනොත් අනිත් අයත් එක්ක අනිවාර්යෙන් බෙදා ගන්න හිතෙනවා.ඒක මගෙ වැරැද්දක්ද දන්නැ සමහරු මට කියලා තියෙනවා ඕවා කියලා දෙන්න එපා කියලා අනේ මන්දා මම පොරකුත් නෙවෙ වැඩ්ඩෙකුත් නෙවෙ මම දන්න පොඩි දෙයක් හරි කාට හරි ප්‍රයෝජනයක් උනානම් මට ඒ ඇති comment ලැබුනත් නැතත් මගෙ බ්ලොග් එකට මෙතෙක් කල් ගොඩවැදුන දැනට 52909 වන ගනන වෙනුවෙන් ස්තුති වෙනවා.මාත් එක්ක හිටපු කමෙන්ට් කරලා දිරිගන්වපු ඊමේල් එවපු follow කරපු හැමෝටම බොහොම ස්තුති
නැවත පොස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
මිට
Sameera Madushan Dissanayaka










Sunday, July 15, 2012

මීයා ඇතුලට දාගෙන රිදවා ගන්නවාද
















හායි කස්ටිය මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මි පැටවු ඇතුලට දාගෙන රිදව ගන්න සින් එකක් ගැන.ම්ම් තාම කොයිල් වගේද මම කෙලින්ම කතාවට බහින්නම්කො එහෙනම් මම අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ මියෝ හෙවත් RAT ගැන මීයෝ කිවට මෙහි අර්තය වෙන එකක් (ඔව් උබ හිතන එකා නෙවේ)RAT කියලා කියන්නේ Remote administration Tool එහෙමත් නැත්නම් Remote administration software කියන එකයි.
මෙය ගැන නම් අද වන විට ගොඩක් දෙනෙක් දන්නවා අද වන විට අප රටේ පවා අවුරුදු 15,16 වගේ කොල්ලෝ කුරුට්ටො පවා රැට් ගැන දන්නවා.මගේ ලිපියෙ අරමුන දන්න අයට නෙවේ නොදන්නා අයව දැනුවත් කිරිමයි.
මේ මියා හොදට වගේම නරකටත් භාවිතා කරන්න පුලුවන් ගොඩක්ම භාවිතා කරන්නේ නරකට තමයි.හැකින් වලදි බොහොවිට භාවිතා කරනු ලබනවා.(මම නම් හැකර් කෙනෙක් නෙවෙ ඔන් කිවා).මම සරලව මට තේරෙන විදිහට පැහැදිලි කරන්නම්.RAT එකක් අදියර වලට බෙදෙනවානම් පැහැදිලි ලෙස අදියර 4කට පමන බෙදිය හැක
1 හොස්ටින් එකක් සාදා ගැනිම(no ip වැනි)

2RAT තමාගේ පරිගනකය තුල ස්තාපිත කර ගැනිම.හා අවශය පොර්ට් හා ip address ලැබා දිම මෙහිදි පෙර සාදාගත් හොස්ටින් account එකේ විස්තර ලබා දිම මෙන්ම පරිගනක වැඩසටහන ක්‍රියාකලයුතු ආකාරයද ලබා දිය හැක.පරිගනකයේ ස්තාපිත විය යුතු ආකාරය system32 තුලට ගොස් සැගව යාම වැනි කරුනු

3එවිට කුඩා kb ගනනක file එකක් හැදෙනවා මේක තමා අපේ ට්‍රෝජන් එක මේකට server එක කියලා තමයි කියන්නේ

4පසුව කරන්නේ කලින් හදාගත්ත server එක කුමන හෝ exe එකකට සම්බන්ද කිරිම.මෙය binding කියලා හදුන්වනවා.මේක RAT එකමගින්ම කිරිමට සමහර රැට් සහය දක්වනවා ,මෙහිදි අපිට කැමති icon එකක් නමක්

වුවද ලබාදිමට පුලුවනන් .ඉන්පසු ඇත්තේ බෙදා හැරිම පමනි.

ඉහතදි මම සරල අදහසක් මට තේරෙන පරිදි ලබාදිමට උත්සහ කරා.ඔය වගේ process එකක් තමා rat එකක සිදුවන්නේ.මෙහෙ තිබෙන භයානක කම වන්නේ RAT එකක් පරිගනකට ඇතුලු වු පසුව antivirus software එක මගින් අසුවන්නේ නැත.

මීයා ඇතුලුවන්නේ ආපහු යන්න මාර්ගයකුත් හදාගෙන ඒ කියන්නේ rat එක පරිගනකයට ඉන්ස්ටොල් වෙනකොටම firewall ,router වලට exception දාගන්නවා තමාට කිසිදු බාදාවකින් තොරව අදාල හැකර්ට මෙම පරිගනකය සමග සම්බන්ද විමට මාර්ගයක් එහෙමත් නැත්නම් උමගක් වැනි දෙයක් හදාලා දෙනවා.හරියට teamviwer software එක මගින් පරිගනක දෙකක් සම්බන්ද කරනවා වැනි.නමුත් මෙහිදි ඇති භයානක කම වන්නේ teamviwer වලදි තමාට විශ්වාසවන්ත අයකු හො කිහිපදෙනෙකු සමග සිදුවන ක්‍රියාවක් නොව තමාට නොදැනිම හැකර් කරුවෙකු විසින් තමාගේ දත්ත සොරාගැනිම සිදුවෙනවා.

A නැමති හැකර් විසින්B නැමති පරිගනකයට RAT එකක් බැස්සුවා කියන්නේ B ගේ පරිගනකය A ගේ පරිගනකය උනාවගේ කියන එකයි.

කොටල කොටලා අතත් රිදෙනවා දැන්නම්

මෙහෙමයි රැට් එකක දැම්මට පස්සේ අදාල හැකර්ට ඔයාගේ පරිගනකය සම්පුර්නයෙන්ම පාලය කරන්න පුලුවන් ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලයිව් බලන්න ස්කිරින් ශොට් ගන්න,ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් email facebook account hack කරන්න.තව ගොඩක් ජාති පුලුවන්.මියා ඇතුලට දාගත්තා කියන්නේ ඔයා ඉවරෙටම ඉවරයි කියන එක.

Block mouse and keyboard

Change your desktop wallpaper

Download, upload, delete, and rename files

Drop viruses and worms

Edit Registry

Format drives

Grab passwords, credit card numbers

Hijack homepage

Hide desktop icons, taskbar and files

Log keystrokes, keystroke capture software

Open CD-ROM tray

Overload the RAM/ROM drive

Print text

Play sounds

Randomly move and click mouse

Record sound with a connected microphone

Record video with a connected webcam

Shutdown, restart, log-off, shutdown monitor

Steal passwords

View screen

View, kill, and start tasks in task manager


ගොඩක්ම මීයො එන්නේ crack එක්ක එක්කෝ IDM,kaspersky,ect ect crack එකක් දානකොට හොදට මතක තියාගන්න මී පැටියෙක් ඉන්න පුලුවන් සම්භාවිතාවය 98% විතර ලන්කාවෙ සයිට් වලින් දෙන ඒවනම් කොහොමත් ගන්න එපා මොකද අපේ ඇයෝ crack හදන් නැනේ(අපේ අයටත් පුලුවන් හදන අය කැගහගෙන යන්නැ)කොහෙ හරි පිටරට හැකර් කෙනෙක් හදපු crack එකක් මෙහෙ ඇයෝ කරන්නේ තමන් හැදුවා වගේ නමත් rename කරලා වටේටම මීයෝ බෙදන එකනේ ලොල්

ඒක නිසා crack පාවිච්චි නොකරන තරමට හොදයි.commercial software ගොඩක් ඒවට අදවනවිට open source software තියෙනවා.

ඒත් සමහට වෙලවට ක්‍රැක් එකක් භාවිතා කරන්නම ඔනි නම් https://www.virustotal.com/ වගේ වෙබ් අඩ්වියකට තමුන්ට අවශය කරන එකේ ලින්ක් එක රිමෝට් අප්ලෝඩ් මගින් අප්ලෝඩ් කර virus ඇත්දැයි සැක හැර දැනගන්න.

බොහෝ ටොරන්ට් මගින් software ගැනිමේදි සැලකිලිමත්වෙන්න.internet එකේ අයියලා කිවාට මෙන්න මල්ලි crack මම චෙක් කරලා බලලා දෙන්නේ කියලා ගන්න නම් එපා පුතෝ .මොකද මල්ලි අයියගේ ගොදුරක් වෙන්න පුලුවන් :)

තව බොහෝ විට වෙන්න පුලුවන් දෙයක් තමා හැක් ටුල් හොයන අයට වෙන්නේ මීයෝ හැක් ටුල් කියලා දෙන ඒවගේ වැහි වැහැලා ඔයාලට ටෙස්කරලා බලන්න ඔනිනම් sandboxi වගේ එකක් භාවිතා කරන්න නැත්තන්ම් virtualbox එකක නමුත් ආරක්ශාව පිලිබද සහතිකයක් නැ.නිකන් තියෙන gmail ,fb වලට කෙලව ගන්න අසනම් කරලා බැලුවට කමක් නැ.linux os වලට RAT ඇටැක් කරනවා අඩුයි.
තව දෙයක් තියෙනවා Back Track වැනි හැකින් වලටම හදපු os වල මේ කියන විදිහේ ට්‍රෝජන් සැදිමේ පහසු කම ලබා දිලා තියෙනවා.එහිදි pdf එකක් විදිහට පවා ට්‍රෝජන් එක ලබා දිය හැක.තව කරුණක් මම මේ ලගදි බ්ලොග් එකක දැක්කා කෙනෙක් දිලා තියෙන mp3 එකක් virus guard එකෙන් අල්ලනවා කියා.සමහරු තර්ක කරලා තිබ්බා එහෙම වෙන්නේ කොහොමද කියලා ඒ උනාට දන්නෝ දනිති කොහොමද mp3 එකකට මීයෙක් දාන්නේ කියලා.
තව දෙයක් ඔනි නම් පුලුවන් virus.exe එකක් පවා extention changer එකක් පාවිච්චිකරලා කැමති විදිහට හදාගන්න yourname.jpg, yourname.mp3 ect ect
කැමතිනම් මේක manual කරන්නත් පුලුවන්.

ම්ම් දැන්නම් ඇති වගේ ඔයාලට හිතෙන මොනවා හරි කොටලා යන්න

ආහ් තව දෙයක් malwarebyte වගේ software එකක් දාලා ඔයාගේ පරිගනකයත් පරික්ශා කරගත්තොත් හොදයි


නැවත ලිපියකින් හමුවෙනතුරු ජයශ්‍රි !











Wednesday, July 11, 2012

Best alternative Software For 3D MAX



Hi Friends,in this post i like to introduce another free oepn source software.it is Blender.
Blender is the free open source 3D modeling Tool.it can create 3d models,animation also blander can use as animation creator .this video is created by using blender
you can find lots more blender tutorials from youtube and google.
you can download blender from link
blender is light weight 27 m and easy to use,blender not slowdown your computer

IDM පට්ට ගහල speed කරමු




හායි කස්ටිය අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ IDM එක Optimize කරලා ස්පිඩ් කර ගන්නේ කියලා හරි ලේසි ඔයාලට පහසුවෙන් මේක තේරුම් යන්නත් එක්ක පොඩි විඩියෝ එකකුත් කරා
හ්ම්ම් එහෙනම් කට්ටිය මෙතනි ගිහින් බලල ඉන්නකෝ
ජය ශ්‍රි !
http://hackkat.blogspot.com/2012/07/boost-up-idm.html




Monday, July 9, 2012

රාස් බෙරි පයි
















හායි කස්ටිය
:O කට්ටිය ගොඩක් දෙනෙක් අහල නැතුව ඇති සමහර විට කල්පනා වෙනවා ඇති මේකා අද 18+ කතාවක් වත් කියන්න යනවද කියලා හික්ස්


මේකයි රාස්බෙරි පයි කියලා කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයට තියෙන පොඩි computer එකක්
ඔයාලට ඕනිනම් එකක් ඊබොක්කෙන් උනත් ගෙන්න ගන්න පුලුවන් ඩොලර් 35ක් වැනි මුදලකට.මේක දුවන්නේ linux os එකක.ඔයාලට ඔනි නම් web server එකක් විදිහට උනත් මේ රාස් බෙරි පයි එක පාවිචිචි කරන්න පුලුවන්.
ඔයාලට අදහසක් ගන්න මෙන්න you tube video එකකුත් දැම්මා.මේකේ අය්යා කෙනෙක්
රාස් බෙරි පයි එකක් unbox කරනවා :P














Sunday, July 8, 2012

රට වෙනුවෙන් vote කරන්න


උපුටා ගැනිමකි
කජුවත්ත එක්සත් Cricket සමාජය




අපේ මවුබිමට තවත් අගනා කීර්තියක් අත් කර දීමට පෙරමුණ ගෙන සිටින අපේම සොහොයුරු කණ්ඩායමට ඔබේ සහය පළකර ශ්‍රී ලංකා නාමය ඉදිරියට ගෙන ඒමට අපි සමග අත්වැල් බැඳගන්න.

ජුලි මස 9 වන දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ තරඟාවලිය වන Imagine Cup හි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායම, මේ වනවිට තරඟාවලියේ මහජන මතය උරගා බලන “ජනප්‍රියම ඉදිරිපත් කිරීම - People’s Choice" අංශයේ පස් වන ස්ථානය ලබාගෙන සිටියි.

අප කණ්ඩායම මෙම වටයේ ඉදිරියටම ගෙන යාමට ඔබ කල යුත්තේ http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71&teamid=55154 වෙත ගොස් ඔබගේ ඡන්දය ලබා දීමයි. මනාප පල කිරීම ජූනි 20 වන දින සිට ජූලි 9 වන දින දක්වා සිදුකල හැක.

මේ සදහා ඡන්දය ප්‍රකාශ කල හැකි අවසන් දිනය හෙටයි,එම නිසා දැන්ම ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් මේ සදහා වැය කරන්න.
මෙය ඔබේ මිතුරන් අතරේ SHARE කරන්න.




දිනවමු sri lanka vote for SL


කොහොමද යාලුවනේ මම මිට කලින් ලිපියකිනුත් මේ පිලිබදව උදව් ඉල්ලුවා
අප රටට කිර්තියක් ගෙන එන වැඩක් ගැන ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා imagine cup 2012 තරගයේදි ලන්කාවෙන පලමු ස්තානයට පත් උනේ මොරටුව විශ්ව විදයාලයේ තොරතුරු තාක්ශන පිඨය කියලා.දැන් අපේ අයියලා රටවල් 60ක් එක්ක තරග කරලා දෙවන ස්තානයට පත්වෙලා ඉන්නවා .අපිට ඔයාලගේ votes ගොඩක් වැදගත් ලන්කාව පලමු ස්තානයට ලගා විමට ඔබගේ උපරිම සහය ලබා දෙන්න .ඔයාලට සැම විනාඩි 15 කට වරක් vote කරන්න පුලුවන් දන්න කියන හැමෝටම කියලා අපේ රට දිනවන්න දායක වෙන්න
vote කරන්න පහත ලින්ක් එක භාවිත කරන්න

වරක් PCA public choice award පලමු ස්තානයට පත්වු අප දැන් 5 වන ස්තානයේ පසුවේ ඔබගේ votes මගින් ශ්‍රි ලන්කාව පලමු ස්තානයට නැවත ගෙන එමු.දිනවමු ලන්කා
ජය ශ්‍රි !





PROJECT TITLE:B­A­C­K­ ­2­ ­E­A­R­T­H­ ­-­ ­T­H­E­ ­S­O­C­I­A­L­,­ ­L­O­C­A­L­ ­A­N­D­ ­M­O­B­I­L­E­ ­S­O­L­U­T­I­O­N
V­3­6­0

SRI LANKA

SOFTWARE DESIGN

MALINDESILVA
University of Moratuwa-Faculty of Information technology-Sri Lanka
RUKSHAN DANGALLA
University of Moratuwa-Faculty of Information technology-Sri Lanka
THURUPATHAN
Faculty of Information Technology, University of Moratuwa

SAJINIJ