Adlink

Sunday, July 15, 2012

මීයා ඇතුලට දාගෙන රිදවා ගන්නවාද
















හායි කස්ටිය මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මි පැටවු ඇතුලට දාගෙන රිදව ගන්න සින් එකක් ගැන.ම්ම් තාම කොයිල් වගේද මම කෙලින්ම කතාවට බහින්නම්කො එහෙනම් මම අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ මියෝ හෙවත් RAT ගැන මීයෝ කිවට මෙහි අර්තය වෙන එකක් (ඔව් උබ හිතන එකා නෙවේ)RAT කියලා කියන්නේ Remote administration Tool එහෙමත් නැත්නම් Remote administration software කියන එකයි.
මෙය ගැන නම් අද වන විට ගොඩක් දෙනෙක් දන්නවා අද වන විට අප රටේ පවා අවුරුදු 15,16 වගේ කොල්ලෝ කුරුට්ටො පවා රැට් ගැන දන්නවා.මගේ ලිපියෙ අරමුන දන්න අයට නෙවේ නොදන්නා අයව දැනුවත් කිරිමයි.
මේ මියා හොදට වගේම නරකටත් භාවිතා කරන්න පුලුවන් ගොඩක්ම භාවිතා කරන්නේ නරකට තමයි.හැකින් වලදි බොහොවිට භාවිතා කරනු ලබනවා.(මම නම් හැකර් කෙනෙක් නෙවෙ ඔන් කිවා).මම සරලව මට තේරෙන විදිහට පැහැදිලි කරන්නම්.RAT එකක් අදියර වලට බෙදෙනවානම් පැහැදිලි ලෙස අදියර 4කට පමන බෙදිය හැක
1 හොස්ටින් එකක් සාදා ගැනිම(no ip වැනි)

2RAT තමාගේ පරිගනකය තුල ස්තාපිත කර ගැනිම.හා අවශය පොර්ට් හා ip address ලැබා දිම මෙහිදි පෙර සාදාගත් හොස්ටින් account එකේ විස්තර ලබා දිම මෙන්ම පරිගනක වැඩසටහන ක්‍රියාකලයුතු ආකාරයද ලබා දිය හැක.පරිගනකයේ ස්තාපිත විය යුතු ආකාරය system32 තුලට ගොස් සැගව යාම වැනි කරුනු

3එවිට කුඩා kb ගනනක file එකක් හැදෙනවා මේක තමා අපේ ට්‍රෝජන් එක මේකට server එක කියලා තමයි කියන්නේ

4පසුව කරන්නේ කලින් හදාගත්ත server එක කුමන හෝ exe එකකට සම්බන්ද කිරිම.මෙය binding කියලා හදුන්වනවා.මේක RAT එකමගින්ම කිරිමට සමහර රැට් සහය දක්වනවා ,මෙහිදි අපිට කැමති icon එකක් නමක්

වුවද ලබාදිමට පුලුවනන් .ඉන්පසු ඇත්තේ බෙදා හැරිම පමනි.

ඉහතදි මම සරල අදහසක් මට තේරෙන පරිදි ලබාදිමට උත්සහ කරා.ඔය වගේ process එකක් තමා rat එකක සිදුවන්නේ.මෙහෙ තිබෙන භයානක කම වන්නේ RAT එකක් පරිගනකට ඇතුලු වු පසුව antivirus software එක මගින් අසුවන්නේ නැත.

මීයා ඇතුලුවන්නේ ආපහු යන්න මාර්ගයකුත් හදාගෙන ඒ කියන්නේ rat එක පරිගනකයට ඉන්ස්ටොල් වෙනකොටම firewall ,router වලට exception දාගන්නවා තමාට කිසිදු බාදාවකින් තොරව අදාල හැකර්ට මෙම පරිගනකය සමග සම්බන්ද විමට මාර්ගයක් එහෙමත් නැත්නම් උමගක් වැනි දෙයක් හදාලා දෙනවා.හරියට teamviwer software එක මගින් පරිගනක දෙකක් සම්බන්ද කරනවා වැනි.නමුත් මෙහිදි ඇති භයානක කම වන්නේ teamviwer වලදි තමාට විශ්වාසවන්ත අයකු හො කිහිපදෙනෙකු සමග සිදුවන ක්‍රියාවක් නොව තමාට නොදැනිම හැකර් කරුවෙකු විසින් තමාගේ දත්ත සොරාගැනිම සිදුවෙනවා.

A නැමති හැකර් විසින්B නැමති පරිගනකයට RAT එකක් බැස්සුවා කියන්නේ B ගේ පරිගනකය A ගේ පරිගනකය උනාවගේ කියන එකයි.

කොටල කොටලා අතත් රිදෙනවා දැන්නම්

මෙහෙමයි රැට් එකක දැම්මට පස්සේ අදාල හැකර්ට ඔයාගේ පරිගනකය සම්පුර්නයෙන්ම පාලය කරන්න පුලුවන් ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලයිව් බලන්න ස්කිරින් ශොට් ගන්න,ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් email facebook account hack කරන්න.තව ගොඩක් ජාති පුලුවන්.මියා ඇතුලට දාගත්තා කියන්නේ ඔයා ඉවරෙටම ඉවරයි කියන එක.

Block mouse and keyboard

Change your desktop wallpaper

Download, upload, delete, and rename files

Drop viruses and worms

Edit Registry

Format drives

Grab passwords, credit card numbers

Hijack homepage

Hide desktop icons, taskbar and files

Log keystrokes, keystroke capture software

Open CD-ROM tray

Overload the RAM/ROM drive

Print text

Play sounds

Randomly move and click mouse

Record sound with a connected microphone

Record video with a connected webcam

Shutdown, restart, log-off, shutdown monitor

Steal passwords

View screen

View, kill, and start tasks in task manager


ගොඩක්ම මීයො එන්නේ crack එක්ක එක්කෝ IDM,kaspersky,ect ect crack එකක් දානකොට හොදට මතක තියාගන්න මී පැටියෙක් ඉන්න පුලුවන් සම්භාවිතාවය 98% විතර ලන්කාවෙ සයිට් වලින් දෙන ඒවනම් කොහොමත් ගන්න එපා මොකද අපේ ඇයෝ crack හදන් නැනේ(අපේ අයටත් පුලුවන් හදන අය කැගහගෙන යන්නැ)කොහෙ හරි පිටරට හැකර් කෙනෙක් හදපු crack එකක් මෙහෙ ඇයෝ කරන්නේ තමන් හැදුවා වගේ නමත් rename කරලා වටේටම මීයෝ බෙදන එකනේ ලොල්

ඒක නිසා crack පාවිච්චි නොකරන තරමට හොදයි.commercial software ගොඩක් ඒවට අදවනවිට open source software තියෙනවා.

ඒත් සමහට වෙලවට ක්‍රැක් එකක් භාවිතා කරන්නම ඔනි නම් https://www.virustotal.com/ වගේ වෙබ් අඩ්වියකට තමුන්ට අවශය කරන එකේ ලින්ක් එක රිමෝට් අප්ලෝඩ් මගින් අප්ලෝඩ් කර virus ඇත්දැයි සැක හැර දැනගන්න.

බොහෝ ටොරන්ට් මගින් software ගැනිමේදි සැලකිලිමත්වෙන්න.internet එකේ අයියලා කිවාට මෙන්න මල්ලි crack මම චෙක් කරලා බලලා දෙන්නේ කියලා ගන්න නම් එපා පුතෝ .මොකද මල්ලි අයියගේ ගොදුරක් වෙන්න පුලුවන් :)

තව බොහෝ විට වෙන්න පුලුවන් දෙයක් තමා හැක් ටුල් හොයන අයට වෙන්නේ මීයෝ හැක් ටුල් කියලා දෙන ඒවගේ වැහි වැහැලා ඔයාලට ටෙස්කරලා බලන්න ඔනිනම් sandboxi වගේ එකක් භාවිතා කරන්න නැත්තන්ම් virtualbox එකක නමුත් ආරක්ශාව පිලිබද සහතිකයක් නැ.නිකන් තියෙන gmail ,fb වලට කෙලව ගන්න අසනම් කරලා බැලුවට කමක් නැ.linux os වලට RAT ඇටැක් කරනවා අඩුයි.
තව දෙයක් තියෙනවා Back Track වැනි හැකින් වලටම හදපු os වල මේ කියන විදිහේ ට්‍රෝජන් සැදිමේ පහසු කම ලබා දිලා තියෙනවා.එහිදි pdf එකක් විදිහට පවා ට්‍රෝජන් එක ලබා දිය හැක.තව කරුණක් මම මේ ලගදි බ්ලොග් එකක දැක්කා කෙනෙක් දිලා තියෙන mp3 එකක් virus guard එකෙන් අල්ලනවා කියා.සමහරු තර්ක කරලා තිබ්බා එහෙම වෙන්නේ කොහොමද කියලා ඒ උනාට දන්නෝ දනිති කොහොමද mp3 එකකට මීයෙක් දාන්නේ කියලා.
තව දෙයක් ඔනි නම් පුලුවන් virus.exe එකක් පවා extention changer එකක් පාවිච්චිකරලා කැමති විදිහට හදාගන්න yourname.jpg, yourname.mp3 ect ect
කැමතිනම් මේක manual කරන්නත් පුලුවන්.

ම්ම් දැන්නම් ඇති වගේ ඔයාලට හිතෙන මොනවා හරි කොටලා යන්න

ආහ් තව දෙයක් malwarebyte වගේ software එකක් දාලා ඔයාගේ පරිගනකයත් පරික්ශා කරගත්තොත් හොදයි


නැවත ලිපියකින් හමුවෙනතුරු ජයශ්‍රි !











4 comments:

  1. මෙහෙම දෙයකින්හ් දැනුවත් කරනවට තැන් කු...

    ReplyDelete
  2. thank u 4 ur information....:)

    ReplyDelete
  3. ela machn...well done:)

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා