Adlink

Tuesday, August 30, 2011

Write Protected flie Using Java

කොහොමද යාලුවනේ ඔක්කෝටම සුබම සුබ උදැසනක් වේවා ! කියලා ප්‍රාර්තනා කරන ගමන් අද මම ජාවා පාඩම් මාලවෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ජාවා භාවිතයෙන් ෆයිල් එකක් write protected කරගන්නේ කියලා ඔයාලට පහත සබැදියෙන් බලාගන්න පුලුවන්. එහෙනම් නැවත පොස්ට් එකකින් හමුවෙමු ජය   ශ්‍රි !
http://java2z.weebly.com/6/post/2011/09/how-to-make-file-write-protected.html

Face Book,fake account හා hack විම









හ්ම්ම්ම්ම් උදේ පාන්දර නිකන් මෝඩ පොස්ට් එකක් දාලා.ගැලපෙන්නැ කාටවත් දුකක් කරදරය වෙනවට අකැමැති නිසා පොස්ට් එක අයින් කරා.කොහොමද කිලොගර් එකක් දාලා පැත්තක ඉදලා fb user name password එක ගන්න හැටි තමා video tute එකක් කරේ.ඒ උනාට මම කරනදේ හොද අතකට ගොඩක් දෙනෙක් පාවිචි කරයි කියලා හිතන්න බැ.මගේ වැරද්ද පෙන්නල දිපු ආවාටයේ අසන්ක අයියට ගොඩක් තැන්ක්ස්.ඔයාලගෙන් කවුරු හරි කාගෙ හරි fb account එකකට රින්ගලා කාවවත් කරදරයකට පත් වෙනවා දකින්න මම ආස නැ.ඒක නිසා tute එක delete කරා මීට පස්සේ හැකින් වලට කිසිම අනුබලයක් දෙන්නේ නැ.මොකද ඒකත් හරියට පිහියක් වගේ.doctor කෙනෙක් ගත්තොත් කාගේ හරි ජීවිතයක් බේරෙනවා ඒ උනාට ගන්න මනුස්සයා මිනි මරුවෙක් ද කවුද දන්නේ.හෙහේ වැඩි කතා ඔනි නැ.මම දන්න දේවල් වලට අනුව ඔයාලට ඔයාලගේ email account,face book account hack වෙන එකෙන් වලක්වා ගන්න පොඩි කරුනු ටිකක් කියන්න හිතුවා ගොඩක් ඒවා ඔයාලා දන්නවා ඇති.

මම මේවා class ගිහින් ඉගෙනගත්ත දේවල් නම් නෙවේ නෙට් එකෙන්ම ඉගෙන ගත්ත දේවල් හා අත්දැකිමෙන් ලැබුනදේවල්.මේ වගෙන් ඔක්කොම නැති උනත් පොඩි දෙයක් හරි ඔයාලට වැදගත් වෙයි කියලා හිතුවා.

මුලින්ම Fake Profile ගැන බලමු : )

ගොඩක් වෙලාවට fake profile විවිද වු මානසිකත්වයන් හා විවිද වු අරමුනු ඔස්සේ ගොඩනගා ගැනිමට උත්සහ දරනු ලබනවා.බොහෝ විට පිරිමියෙකු ගැහැනු නමකින් ගිනුමක් හදා ගැනිමේ විවිද වු අරමුනු තිබිය  හැක.උදාහරන ලෙස කොල්ලෙක් එක්ක එලි පිට කතා නොකරන ගැහනුන්ට පමණක් අදාල වු කරුනු වුවද මෙලෙස fake profile එකක් භාවිතා කර චැට් කර මොඩ පහේ සිගිති ආතල් ගැනිමට සමහරක් පෙලබේ.සමහරුන් තමාගේ පෙම්වතා පෙම්වතිය ගැන සැක කරන විට fake profile  මාර්ගයෙන් ඇය ගේ හෝ ඔහුගේ අදහස් දැන ගැනිමට fake profiele භාවිතා කරනු ලබයි.තව එකි නොකි සැම කරුනු සදහාම මේවා භාවිතා කරනු ලබයි.මේවා ගැන තව ලියන්න ගියොත් මම බලාපොරොත්තු වු ප්‍රදාන කරුනු ටික මගහැරෙන්න පුලුවන්.සො අපි බලමු කොහොමද fake profile අදුන ගන්නේ කියලා.(දැන fake profile තියෙන අය මාත් එක්ක තරහ වෙනව එහෙම නෙවෙයි හොදද :)  )



  1. අලුත් අලුත් හෙනම හෙන පොශ් නම් දමා ගැනිම.සමහර නම් කවදාවත් අසා නැති එවාය.කියවා ගැනිමටද අපහසුය.

  2. ගොඩක් fake එවාගේ පාසල ලෙස kandy or colombo international or gov. school එකක නම භාවිතා කිරිම.

  3. friends list එක දිහා බැලුවිට frends ලා 4000 ගනන් හෝ ඉතා අඩු ගනනක් සිටිම එනම් 40ක් 50ක් වැනි ගනනක් සිටිනම් එයද fake එකක් විමට බොහෝවිට ඉඩ ඇත.මොකද එය අලුත හැදු එකක් විමට පුලුවන.

  4. profile picture එක සලකා බැලුවිට බොහෝවිට හෙන කියුටි කිරිස් එක පොටො කැල්ලක් දමා ඇත.එයටද අනික් උන් අම්බානක කොමෙන්ට් දමලාය.එකෙක් සෝ ස්විට් කියයි.තව එකෙක් සෝ සෙක්කිය කියා දමලාය.

  5. තවද එකම profile pic එක දෙතුන් වරක් අප්ලෝඩ් කර තිබිමද fake එකක ලක්ශනයකි.

  6. profile pic එක දිහා හොදට අවදානයෙන් බැලුවොත් පෙනේවි ඔයාලට සමහර විට ඒ පොටො එක උස්සපු සයිට් එකේ වෝටර් මාක් එහෙම දකින්න පුලුවන්

  7. තව දෙයක් පොටො එක දිහා හොදට බලපුවාම photo නියමෙට අරන් තියෙනවානම් උදා විදිහට face එකට හොදට focus කරලා background එක බොද වු ස්වභාවයක් තියෙනවනම්(ඕකට photograpic වල මොනවා කියනවද කියලා මගෙන් නම් අහන්න එපා මම ඕවා දන්නේ නම් නැ) .ඒ photo එක අරන් තියෙන්නේ proffesional photographer කෙනෙක්. ඉතින් කවුරුත් දන්නවා සාමානයයෙන් හැමගෙදරම proffesional කැමරා මහත්තුරු නැ නොවැ.ඒක නිසා ඒ පොටො එක තියෙන profile එක fake එකක් වෙන්න පුලුවන් බලාගෙන :)

  8. තව දෙයක් ගොඩක් වෙලාවට Its me කියලා photo එකක් දාලා ඉතුරුවට high school musical එකේ කෙලි පොඩ්ඩයි,twillight එකේ කෙලි පොඩ්ඩගෙයි photo දාලානම් පොඩ්ඩක් හිතලා බලන්න එහා පැත්තේ චැට් කරන්නේ ඇත්තටම කෙල්ලක්ද කියලා.

  9. තව දෙයක් ගොඩක් Air Hostress ල වගේ තියෙන්නෙත් ගොඩක් fake accounts.මම කියන්නේ නැ හැම එකම fake කියලා උනාට පොඩ්ඩක් විමසිලිමත් වෙන්න.

  10. ගොඩක් ලස්සන කෙල්ලොන්ගේ profile එක්ක deal කරනකොට බලාගෙන,මොකද කෙල්ලක් කියලා හිතාගෙන chat කරාට එහා පැත්තේ ඉන්නේ කොල්ලෙක් වෙන්න පුලුවන්.සමහර විට ඔබේ යාලුවෙක් වෙන්න පුලුවනනන්.  ඒකා හිනා කකා ඔබව ගොනාට අන්දනවා විය හැක.


තව ඔබට කවුරු හරි  කෙල්ලක් requst එකක් එවනවානම් දෙපාරක් නොව 10000 විතර හිතලා accept කරන්න.මම නම් කල්පානා කරනේ මම අලන්කාර එකෙකුත් නෙවෙ පොරකුත් නෙවෙ,බ්‍රයිටෙකුත් නෙවෙ සල්ලි බාගේ තියෙන එකෙකුත් නෙවෙ එහෙමනම් කෙල්ලක් පැන පැන requst එකක් එවනවා කියන්නේ මෙතන මොකක් හරි හොරයක් තියෙනවා කියලා කල්පනාවෙන් accpt කරලා පුලුවන් තරන් අර account එක ගැන විමසිල්ලෙන් ඉන්න එක.

ගොඩක් ජාති එක දිගට  කියාගෙන ගියා දැන්නම් ටයිප් කරලා ඇගිලි වලටත් අමාරුයි.ඉතුරු ටික අනිත් කොටසින් බලාපොරොත්තු වන්න.ඔහොම කියලා fb එකෙ try කරන love වලට එහෙම කෙලව ගන්න එපා හොදද. එහෙනම් කටියටම ජය ශ්‍රි !

Spying With Chrome

කොහොමද කස්ටිය.ම්ම්ම් අද පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න යන්නේ.ඔයාලට ඔයාලගේ girl friend,boy frend,wife ,husband,දුව පුතා trust නැද්ද.එයාලා මොනවද අන්තර්ජාලයේ කරන්නේ? මොනව ගැනද හොයන්නේ?මොනවගේ සයිට් වලටද යන්නේ??? කියලා දැන ගන්න ඕනිනම් කරන්න තියෙන්නේ හරිම සිම්පල් ප්ලැන් එකක්,කරන විදිහ video එකක් කරලා දැම්මා.එහෙනම් ජය ශ්‍රි !

Saturday, August 27, 2011

Speed Up Torrnts

හලෝ කස්ටිය මම නිදාගෙන ඉදල රැ ඇහැරුනා ඒක නිසා මොනව හරි කියලා දෙන්න ඕනි කියලා හිතුනා.මේ video එක නම් මම වෙන කෙනෙක්ට හදපු එකක්.කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා.හිතලා දානවා. නැගිට්ට ගමන් නිසා මොනවා මොනවා ලියයිද දන්නේ නැ දැන් රැ 11.46 ට විතර ඇති.ම්ම්ම් වැඩිය ලියන්න ගියොත් නිදිමත නිසා   පටලිලි සහගත වෙන්න පුලුවන්.වැඩිය කත ඕනි නැ. පහල තියෙනවා video එහෙනම් මම ගියා තව පෝස්ට් එකකින් හමුවෙමු.ජය ශ්‍රි!
කැමතිනම්  මෙව්වා එකක් දාලා යන්න :)
මෙව්වා =commnt



Saturday, August 20, 2011

How to Zip file using java

හලෝ කස්ටිය කොහොමද ඉතින්.ම්ම්ම් වෙනදා වගේම අදත් නිදි මරාගෙන java video tute එකක් කරා.බල කිරිමක් නැ.කැමති කස්ටිය බලන්න :)
මේ lesson එකේදි  මම බලාපොරොත්තු වෙන්නේ jtext field එකට අපි දාන valuve එක අරන් ඒ අපි ටයිප් කරන පාත් එකේ අපිට ඕනි කරන zip file එක හදන එක.
මෙහෙදි මතකතියාගත යුතු කාරනය වන්නේ හරියට පාත් එක හා extention එක සදහන් කරන එක. එහෙනම් කරලම බලන්න.     :)
ජය ශ්‍රි !
http://java2z.weebly.com/6/post/2011/08/how-to-zip-file-using-java.html

Thursday, August 18, 2011

Write Data To File

වැඩිය ලියන්න කම්මැලි වගේ.මේ පාඩමෙන් කොහොමද file එකකට දත්ත ඇතුල් කරන්නේ කියලා කියලා දෙනවා.:) .පහත ලින්ක් එකෙන් පාඩම වෙත පිවිසෙන්න.


http://java2z.weebly.com/6/post/2011/08/write-data-to-file.html

Hack Fb,Gmail,Ebay,ect

fb,gmail,ebay,.... ect hack කරන්න easy ම easy methoed එකක් ගැන දැනගන්න ඕනි අය අත උස්සන්න.මොකද,දැම්මට පස්සේ බලන්න කෙනෙක් නැත්තන් වැඩක් නැ නේ.කස්ටිය ආස හොරෙන් පොල්ගෙඩියක් කඩල කාපුවට.ආතල් එකේ බෝතලක් ගහල චාටර් උන කතා අහන්නනේ,එහෙම එකේ තාක්ශනය ගැන පොස්ට් දාන්න ගිහින් චාටර්වෙන්නේ මොකටද නේද :P
කැමති අය ඉන්නවනම් feed back එකක් දාලා යන්න.එයාලට  මම මේල් කරන්නම්,නැත්තම් ගොඩක් අය good feed back එකක් තිබ්බොත්.බ්ලොග් එකේ දාන්නම් see ya in next post :)
කවුරු හරි කමක් නැ එක්කේනෙක් හරි මගෙ බ්ලොග් එක බලනවනම් එයාවෙනුවෙන් දෙයක් කරන්න.මම මේ බ්ලොග් එක ලියනවා :)
thanks for comming :)

Create File Using java

කොහොමද යාලුවනේ.උදේ post එකට පස්සේ හවසත් තව ජාවා ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා.මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ජාවා වල IO package එක use කරලා කොහොමද file එකක් හදන්නේ කියලා.එහෙනම් බල්ලම ඉන්නකෝ.තව පෝස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !






පහත සබැදිය භාවිතා කර පාඩම වෙත පිවිසෙන්න.
http://java2z.weebly.com/6/post/2011/08/create-file-using-java.html

Wednesday, August 17, 2011

Find Hard Disk Space using Java



කොහොමද යාලුවනේ අදත් මම අලුතෙන් ජාවා පාඩම් දෙකක් අරන් ආවා.එකක් තමයි අපිට කොහොමද ජාවා භාවිතා කරලා අපේ hard disk එකේ මුලු ඉඩ ප්‍රමානය,භාවිතා කිරිමට හැකි ඉඩ ප්‍රමානය කොපමනද කියලා හොයන පොඩි වැඩසටහනක් තමා අද හදන්න යන්නේ.
අනිත් පාඩම තමා අපි netbeans tool එක භාවිතා කරල හදන netbeans project එකක් share කරන්නේ කොහොමද සහ වෙන කෙනෙක් හදපු netbeans project එකක් අපි කොහොමද import කරගන්නේ කියලා.
තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු.ජය ශ්‍රි !
How to Import netbeans project


http://java2z.weebly.com/3/post/2011/08/how-to-import-netbeans-project.html


Disk Space Calculator


http://java2z.weebly.com/6/post/2011/08/find-hard-disk-free-space-using-java.html

Monday, August 15, 2011

Play mp3 using java

කොහොමද යාලුවනේ මම අද ජාවා පාඩම් මාලාවෙන් ගෙනාවේ කොහොමද අපි ජාවා වලදි mp3 එකක් අපේ software එකට background music එක විදිහට යොදාගන්නේ කියලා.ම්ම්ම්ම් වැඩි කතා ඔනී නැ ගිහින්ම බලන්නකෝ.එහෙනම් ජය ශ්‍රි ! තව පෝස්ට් එකකින් හමුවෙමු .

මෙම ලින්ක් එක භාවිතා කරන්න.


Saturday, August 13, 2011

Start Java With Netbeans

කොහොමද යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ ජාවා පාඩම් මාලාවේ දෙවෙනි කොටස විදිහට netbeans gui tool එක භාවිත කරල කොහොමද ජාවා වැඩසටහනක් නිර්මාණය කරන්නේ කියලා පහත තියෙන ලින්ක් එක භාවිතයෙන් ඔබට යම් වැටහීමක් ලබාගන්න පුලුවන්.මේ බ්ලොග් එකට ගොඩවැදුන ඔබට බොහෝම ස්තුති!
තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
http://java2z.weebly.com/basic-java.html

Thursday, August 11, 2011

අනුන්ගේ Black Hat මගේ ඔලුවේ කඩා පාත් වීම.


ඔන්න ඉතින් මාත් අද හරකා වගේ free wifi zone වලදි Face Book(Fb,gmail,tweeter,ebay,ect....) හැක් කරන හැටි ගැන video එකක් කරා ඒක බ්ලොග් එකේ දාන්නත් හදලා සමහරක් ඒක misuse කරන නිසා දාන්නැතුව.දන්න අදුනන නන්ගි කෙනෙකුටයි තව class ආව මල්ලිලා දෙන්නෙකුටයි දුන්නා.
දීලා fb එකේ ඉන්න ගමන් තව class ආව අක්කා කෙනෙක් ඉන්නවා දැක්කා.ඉතින් මීට කලින් class යන කාලේ මේ අම්මන්ඩිට මම java video lessons,films,අලුතෙන් අහුවෙන lerning series එහෙමත් දීලා තියෙනවා.
ඉතින් මේ මම ගොනා වගේ කීවා අක්කි මම wifi zone එකකදි fb hack කරන video එකක් හැදුව කියලා.
ඉට පස්සේ මේ අක්කත් කියනවා අද මගේ fb එකත් hack කරලා.අය්යාට හොදටම මල පැනල ඉන්නේ මගෙ accunt එක hack කරා කියලා.හැක් කරපු එකා @@@@ @ $.හැක් කරපු එකා දන්නැතුව ඇති මගෙ මිනිහා මේ ෆිල්ඩ් එකේ ඉන්න එකෙක් කියලා.හැක්කරපු එකාගේ access ඔක්කොම නැති කරනවා .බ්ලා බ්ලා බ්ලා මේ අම්මන්ඩි කියවනව කියවනවා ඉවරයක් නැ.අපෙ අප්පොච්චියේ හරියට මම කරපු දෙයක් වගේ.මම නිකන් උස්සලා පොලේ ගැහුවා වගේ ඇයි ඉතින් මේ පාත් උන කුනු බාල්දිය මොකක්ද මේ කියලා.මේකිට කීවට පිලිගන්නේම නැ මම එහෙම දෙයක් කරේ නැ කියලා.මානසික ලෙඩ්ඩු පිස්සො.කිකියා බනිනවා.
එකා හිතාන ඇති මම ඉන්ටනෙට් ගැන දන් නැතුව internet use කරනව ඇති කියලා කිකියා හෝගාලා කියවනවා.
මම කීවා අක්කි ඔයා හරියට හොයල බලලා වැරද කරපු කෙනාට බනින්න නිස්කාරනේ මට බනින් නැතුව කියල.ඒ උනත් හෝ ගාලා කියවනවා
මම කීවා එහෙනම් අය්යාට කියලා trace කරලා හරියටම වැරදි කාරයා හොයාහගෙන බනින්න කියල.මොනව කීවත් මේ අම්මන්ඩිගෙ කට නවතින් නැ.
පස්සෙ මම කීවා කොහෙවත් යන වේ@ බ@@@ක් කරපු දේවල් වලට නිකරුනේ මට බනින්න එපා.වැරදි කාරයා හොයාගෙන බනින්න ඔයාගේ වචන ඉතුරු කරගන්න.මම වැරැද්දක් කරානම් මම ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙනවා ඒ උනාට මම කරපු නැති වැරදිවලට නිකරුනේ මාව අල්ල ගන්න එපා කියලා.
ඊට පස්සෙ කියනවා.මම පොඩි එකෙක් නිසා කීවේ හදා ගන්න.පොඩි එවුන්ගේ ඔලු කන මහ එවුන්ට ඉස්සෙල්ල ගහන්න ඕනි කියලා.
මම මොනා කරන්නද එක එක ගැනුන්ගේ තරහ පිරිමහගන්න මම බයිට් වෙන්න ඕනිද කියලා.කෙලින්ම ඒ අම්මන්ඩි බ්ලොක් කරලා.මාක් අය්යාට රිපොර්ට් පාරක් දැම්මා.ඇයි අනේ මම මොන වරදක් කරාටද?  :(
හිත් වේදනාවෙන් ලියුවකි.ඔයාලා වැඩිය හිතන්න එපා  :'(

Friday, August 5, 2011

create your first java programme


ඔන්න යාලුවනේ පොරොන්දු  උන විදිහටම.ජාවා පාඩම් මාලාවේ පලවෙනි කොටස අද දැම්මා.ගොඩක් අඩුපාඩු ඇති ඒවට සමාව අයදින අතර අඩු පාඩු ඇත්නම් සදහනක් දාලා යන්න.නිවරදි කරන්න උත්සහ කරන්නම්.
එහෙනම් යාලුවනේ මේ පැත්තේ අවට ගොඩක් ස්තුති. ආයෙම එන්න.ජය ශ්‍රි !
ජාවා පාඩම වෙත පිවිසිමට පහත සබැදිය භාවිතා කරන්න.
ගොඩක් මහන්සි වෙලා තමා මේක කරේ අඩු තරමේ thanks වත් කියලා යන්න


http://java2z.weebly.com/3/post/2011/08/create-your-first-java-programme.html

Wednesday, August 3, 2011

මමත් අලුත් වැඩකට අත ගැහුවා



ඔන්න යාලුවනේ මම හා හා පුරා කියලා ජාවා ගැන lessons දාන්න  site එකක් පටන් ගත්තා. දැන් තමා හදලා ඉවර උනේ. වෙලාව තියෙන තියෙන විදිහට පොස්ට් දාන්න  මම බලන්නම්.මම දන්න හැම දේම පුලු පුලුවන් විදිහට ඔයාලට කියලා දෙන්න තමා මගේ අරමුන.මම ජාවා වලට පොරක් නන් නෙවේ ඒක මුලින්ම කියන්න ඕනි.මමත් තාම ඉගෙන ගන්නවා.මම දන්න පොඩි දේ උනත් නොදන්න කෙනෙක්ට ප්‍රයොජනයක් වෙන්න පුලුවන් එහෙම හිතලයි.මේක කරන්නේ
ගොඩක් අඩුපාඩු කම් ඇති වැරදි ටික මග ඇරලා හරි ඔයාලට ඕනි ටික විතරක් අරගන්න. එහෙනම් කට්ට්යටම ජය ශ්‍රි !


ගිහින් බලන්න හොදද කියලා
http://java2z.weebly.com/

Monday, August 1, 2011

Back up Bookmarks in chrome & firefox

Bookmark Backup කරමු.
යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ පොඩි හරිම සරල දෙයක්.කොහොමද google chrome වල හා fire fox වල bookmarks back up කරගන්නේ කියලා.මේක කරන්න ගොඩක් ක්‍රම තියෙනවා මම අද ක්‍රම 2ක් විතර කියල දෙන්න තමයි බලාපොරොත්තුව.ඔයාලා මීට වඩා ලේසි ක්‍රමයක් දන්නවනම් සදහනක් දාලායන්න අමතක කරන්න එපා ඒක මට වගේම තවත් අයට උදව්වක් වෙයි.
1.ප්‍රශ්නය : ඇයි bookmark backup කරන්නේ?
හ්ම්ම්ම් මේවගේ ප්‍රශ්නයක් සමහරුන්ට එන්න පුලුවන් .මටනම් ගොඩක් වෙලාවට වෙබ් සයිට්වලට ගිහින් පසුවට බලන්න bookmark කරගන්නවා.( Ctrl හා d අකුර එකවැර එබිමෙන් මෙය සිදුකිරිම කල හැක. )නමුත් අපිට හදිසියේ අපගේ පරිගනකය format කරන්නට හෝ අපගේ වෙබ් බ්‍රව්සරය uninstalle කරන්නට සිදුවුවිට.අප මාස ගනනක් bookmark කර තිබු සියලුම දත්ත  නැතිවි යනවා.එමනිසා ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සරය backup කරගැනිම තුලින් එවැනි අවස්ථා මග හරවා ගැනිමට ඔබට පුලුවන්.


2.කොහොමද මේක කරන්නේ?
ක්‍රම කිහිපයක් තියෙනවා අපි එකින් එක බලමු.
Fire fox වල
bookmarks----->show all bookmarks----->import and back up----->back up ඉන්පසු backup file එක save වීමට ස්තානයක් තෝරා දෙන්න.




back up එකක් නැවත ඉස්තාපනය කරගැනිමට restore යන්නෙන් backup file එක save උන තැන  තෝරා දෙන්න.backup files c drive එක තුල නොව වෙන  drive එකක save කරන එක වඩාත් සුදුසුය මොකද format කරත් ඔබට backup ආරක්ශා කරගත හැක.


Chrome වල
රූප අපැහැදිලිනම් එය මත click කරන්න
customize and control google chrome කියන සලකුන උඩ click කරන්න


ඉන් පසු bookmark manager


පසුව export bookmarks යන්නෙන් bookmark save කිරිමට අවශය තැන තෝරා දෙන්න.පෙර පරිදිම import bookmark යන්නෙන් කලින් backup කල bookmark ලබාගත හැක.


එහෙමත් නැතිනම් chrome වල bookmark  user name හා pass word  ලබා ගැනිමට තව ක්‍රමයක් බලමු.
xp වල නම් start------>run එකේ මෙම කොඩ් එක past කර enter කරන්න.
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data


***එවිට පිවිසෙන user data folder එක තුල ඇති default folder එක තුලට පිවිසෙන්න.එය තුල ඇති bookmarks කියනfil එක copy කර තමුන් සාදා ගත් folder එකකට past කරගන්න.




****password ලබාගැනිමට අවශය නම්  Login Dataලෙස ඇති fileඑක copyකර තමුන් සාදාගත් folder එකක past කරගන්න.
ඔබට chrome uninstalle කර නැවත පෙර bookmarks හා password ලබා ගැනිමට අවශය නම් පෙර පරිදිම 
start------>run එකේ ඉහත කොඩ් එක past කර enter කරන්න.


*****පසුව අපි සාදා ගත් බැකප් ෆොල්ඩරය තුල වු bookmark හා login Data file copy කර past කරන්න එවිට overwrite කිරිමට විමසන අතර yes කරන්න. දැන් නැවතත් ඔබගේ bookmarks හා පාස්වර්ඩ් ඔබට භාවිත කර හැක.


xp සදහා   
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
vista සදහා
%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data


එහෙමත් නැත්තන් ඔබට පාස්වර්ඩ් ලබාගැනිමට තවත් ක්‍රමයක් ඇත මෙය 7 සදහා සාර්ථක නොවන අතර xp හා vista සදහා යොදා ගත හැක.
මේ සදහා web browser pass view යන  කුඩා software එක භාවිතා කල යුතුය.මා කලින් pendrive එකෙන් හැක් කරන එකටත් මෙය භාවිතා කර ඇත.
මෙතනින් download කරගන්න
එහෙනම් මගේ බ්ලොග් එකට ආවට ඔක්කොටම ස්තුති.තව පොස්ට් එකකින් හමුවෙමු  ජය ශ්‍රි !