Adlink

Thursday, August 18, 2011

Create File Using java

කොහොමද යාලුවනේ.උදේ post එකට පස්සේ හවසත් තව ජාවා ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා.මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ජාවා වල IO package එක use කරලා කොහොමද file එකක් හදන්නේ කියලා.එහෙනම් බල්ලම ඉන්නකෝ.තව පෝස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !






පහත සබැදිය භාවිතා කර පාඩම වෙත පිවිසෙන්න.
http://java2z.weebly.com/6/post/2011/08/create-file-using-java.html

Wednesday, August 17, 2011

Find Hard Disk Space using Java



කොහොමද යාලුවනේ අදත් මම අලුතෙන් ජාවා පාඩම් දෙකක් අරන් ආවා.එකක් තමයි අපිට කොහොමද ජාවා භාවිතා කරලා අපේ hard disk එකේ මුලු ඉඩ ප්‍රමානය,භාවිතා කිරිමට හැකි ඉඩ ප්‍රමානය කොපමනද කියලා හොයන පොඩි වැඩසටහනක් තමා අද හදන්න යන්නේ.
අනිත් පාඩම තමා අපි netbeans tool එක භාවිතා කරල හදන netbeans project එකක් share කරන්නේ කොහොමද සහ වෙන කෙනෙක් හදපු netbeans project එකක් අපි කොහොමද import කරගන්නේ කියලා.
තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු.ජය ශ්‍රි !
How to Import netbeans project


http://java2z.weebly.com/3/post/2011/08/how-to-import-netbeans-project.html


Disk Space Calculator


http://java2z.weebly.com/6/post/2011/08/find-hard-disk-free-space-using-java.html

Monday, August 15, 2011

Play mp3 using java

කොහොමද යාලුවනේ මම අද ජාවා පාඩම් මාලාවෙන් ගෙනාවේ කොහොමද අපි ජාවා වලදි mp3 එකක් අපේ software එකට background music එක විදිහට යොදාගන්නේ කියලා.ම්ම්ම්ම් වැඩි කතා ඔනී නැ ගිහින්ම බලන්නකෝ.එහෙනම් ජය ශ්‍රි ! තව පෝස්ට් එකකින් හමුවෙමු .

මෙම ලින්ක් එක භාවිතා කරන්න.


Saturday, August 13, 2011

Start Java With Netbeans

කොහොමද යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ ජාවා පාඩම් මාලාවේ දෙවෙනි කොටස විදිහට netbeans gui tool එක භාවිත කරල කොහොමද ජාවා වැඩසටහනක් නිර්මාණය කරන්නේ කියලා පහත තියෙන ලින්ක් එක භාවිතයෙන් ඔබට යම් වැටහීමක් ලබාගන්න පුලුවන්.මේ බ්ලොග් එකට ගොඩවැදුන ඔබට බොහෝම ස්තුති!
තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
http://java2z.weebly.com/basic-java.html

Thursday, August 11, 2011

අනුන්ගේ Black Hat මගේ ඔලුවේ කඩා පාත් වීම.


ඔන්න ඉතින් මාත් අද හරකා වගේ free wifi zone වලදි Face Book(Fb,gmail,tweeter,ebay,ect....) හැක් කරන හැටි ගැන video එකක් කරා ඒක බ්ලොග් එකේ දාන්නත් හදලා සමහරක් ඒක misuse කරන නිසා දාන්නැතුව.දන්න අදුනන නන්ගි කෙනෙකුටයි තව class ආව මල්ලිලා දෙන්නෙකුටයි දුන්නා.
දීලා fb එකේ ඉන්න ගමන් තව class ආව අක්කා කෙනෙක් ඉන්නවා දැක්කා.ඉතින් මීට කලින් class යන කාලේ මේ අම්මන්ඩිට මම java video lessons,films,අලුතෙන් අහුවෙන lerning series එහෙමත් දීලා තියෙනවා.
ඉතින් මේ මම ගොනා වගේ කීවා අක්කි මම wifi zone එකකදි fb hack කරන video එකක් හැදුව කියලා.
ඉට පස්සේ මේ අක්කත් කියනවා අද මගේ fb එකත් hack කරලා.අය්යාට හොදටම මල පැනල ඉන්නේ මගෙ accunt එක hack කරා කියලා.හැක් කරපු එකා @@@@ @ $.හැක් කරපු එකා දන්නැතුව ඇති මගෙ මිනිහා මේ ෆිල්ඩ් එකේ ඉන්න එකෙක් කියලා.හැක්කරපු එකාගේ access ඔක්කොම නැති කරනවා .බ්ලා බ්ලා බ්ලා මේ අම්මන්ඩි කියවනව කියවනවා ඉවරයක් නැ.අපෙ අප්පොච්චියේ හරියට මම කරපු දෙයක් වගේ.මම නිකන් උස්සලා පොලේ ගැහුවා වගේ ඇයි ඉතින් මේ පාත් උන කුනු බාල්දිය මොකක්ද මේ කියලා.මේකිට කීවට පිලිගන්නේම නැ මම එහෙම දෙයක් කරේ නැ කියලා.මානසික ලෙඩ්ඩු පිස්සො.කිකියා බනිනවා.
එකා හිතාන ඇති මම ඉන්ටනෙට් ගැන දන් නැතුව internet use කරනව ඇති කියලා කිකියා හෝගාලා කියවනවා.
මම කීවා අක්කි ඔයා හරියට හොයල බලලා වැරද කරපු කෙනාට බනින්න නිස්කාරනේ මට බනින් නැතුව කියල.ඒ උනත් හෝ ගාලා කියවනවා
මම කීවා එහෙනම් අය්යාට කියලා trace කරලා හරියටම වැරදි කාරයා හොයාහගෙන බනින්න කියල.මොනව කීවත් මේ අම්මන්ඩිගෙ කට නවතින් නැ.
පස්සෙ මම කීවා කොහෙවත් යන වේ@ බ@@@ක් කරපු දේවල් වලට නිකරුනේ මට බනින්න එපා.වැරදි කාරයා හොයාගෙන බනින්න ඔයාගේ වචන ඉතුරු කරගන්න.මම වැරැද්දක් කරානම් මම ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙනවා ඒ උනාට මම කරපු නැති වැරදිවලට නිකරුනේ මාව අල්ල ගන්න එපා කියලා.
ඊට පස්සෙ කියනවා.මම පොඩි එකෙක් නිසා කීවේ හදා ගන්න.පොඩි එවුන්ගේ ඔලු කන මහ එවුන්ට ඉස්සෙල්ල ගහන්න ඕනි කියලා.
මම මොනා කරන්නද එක එක ගැනුන්ගේ තරහ පිරිමහගන්න මම බයිට් වෙන්න ඕනිද කියලා.කෙලින්ම ඒ අම්මන්ඩි බ්ලොක් කරලා.මාක් අය්යාට රිපොර්ට් පාරක් දැම්මා.ඇයි අනේ මම මොන වරදක් කරාටද?  :(
හිත් වේදනාවෙන් ලියුවකි.ඔයාලා වැඩිය හිතන්න එපා  :'(

Friday, August 5, 2011

create your first java programme


ඔන්න යාලුවනේ පොරොන්දු  උන විදිහටම.ජාවා පාඩම් මාලාවේ පලවෙනි කොටස අද දැම්මා.ගොඩක් අඩුපාඩු ඇති ඒවට සමාව අයදින අතර අඩු පාඩු ඇත්නම් සදහනක් දාලා යන්න.නිවරදි කරන්න උත්සහ කරන්නම්.
එහෙනම් යාලුවනේ මේ පැත්තේ අවට ගොඩක් ස්තුති. ආයෙම එන්න.ජය ශ්‍රි !
ජාවා පාඩම වෙත පිවිසිමට පහත සබැදිය භාවිතා කරන්න.
ගොඩක් මහන්සි වෙලා තමා මේක කරේ අඩු තරමේ thanks වත් කියලා යන්න


http://java2z.weebly.com/3/post/2011/08/create-your-first-java-programme.html

Wednesday, August 3, 2011

මමත් අලුත් වැඩකට අත ගැහුවා



ඔන්න යාලුවනේ මම හා හා පුරා කියලා ජාවා ගැන lessons දාන්න  site එකක් පටන් ගත්තා. දැන් තමා හදලා ඉවර උනේ. වෙලාව තියෙන තියෙන විදිහට පොස්ට් දාන්න  මම බලන්නම්.මම දන්න හැම දේම පුලු පුලුවන් විදිහට ඔයාලට කියලා දෙන්න තමා මගේ අරමුන.මම ජාවා වලට පොරක් නන් නෙවේ ඒක මුලින්ම කියන්න ඕනි.මමත් තාම ඉගෙන ගන්නවා.මම දන්න පොඩි දේ උනත් නොදන්න කෙනෙක්ට ප්‍රයොජනයක් වෙන්න පුලුවන් එහෙම හිතලයි.මේක කරන්නේ
ගොඩක් අඩුපාඩු කම් ඇති වැරදි ටික මග ඇරලා හරි ඔයාලට ඕනි ටික විතරක් අරගන්න. එහෙනම් කට්ට්යටම ජය ශ්‍රි !


ගිහින් බලන්න හොදද කියලා
http://java2z.weebly.com/

Monday, August 1, 2011

Back up Bookmarks in chrome & firefox

Bookmark Backup කරමු.
යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ පොඩි හරිම සරල දෙයක්.කොහොමද google chrome වල හා fire fox වල bookmarks back up කරගන්නේ කියලා.මේක කරන්න ගොඩක් ක්‍රම තියෙනවා මම අද ක්‍රම 2ක් විතර කියල දෙන්න තමයි බලාපොරොත්තුව.ඔයාලා මීට වඩා ලේසි ක්‍රමයක් දන්නවනම් සදහනක් දාලායන්න අමතක කරන්න එපා ඒක මට වගේම තවත් අයට උදව්වක් වෙයි.
1.ප්‍රශ්නය : ඇයි bookmark backup කරන්නේ?
හ්ම්ම්ම් මේවගේ ප්‍රශ්නයක් සමහරුන්ට එන්න පුලුවන් .මටනම් ගොඩක් වෙලාවට වෙබ් සයිට්වලට ගිහින් පසුවට බලන්න bookmark කරගන්නවා.( Ctrl හා d අකුර එකවැර එබිමෙන් මෙය සිදුකිරිම කල හැක. )නමුත් අපිට හදිසියේ අපගේ පරිගනකය format කරන්නට හෝ අපගේ වෙබ් බ්‍රව්සරය uninstalle කරන්නට සිදුවුවිට.අප මාස ගනනක් bookmark කර තිබු සියලුම දත්ත  නැතිවි යනවා.එමනිසා ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සරය backup කරගැනිම තුලින් එවැනි අවස්ථා මග හරවා ගැනිමට ඔබට පුලුවන්.


2.කොහොමද මේක කරන්නේ?
ක්‍රම කිහිපයක් තියෙනවා අපි එකින් එක බලමු.
Fire fox වල
bookmarks----->show all bookmarks----->import and back up----->back up ඉන්පසු backup file එක save වීමට ස්තානයක් තෝරා දෙන්න.




back up එකක් නැවත ඉස්තාපනය කරගැනිමට restore යන්නෙන් backup file එක save උන තැන  තෝරා දෙන්න.backup files c drive එක තුල නොව වෙන  drive එකක save කරන එක වඩාත් සුදුසුය මොකද format කරත් ඔබට backup ආරක්ශා කරගත හැක.


Chrome වල
රූප අපැහැදිලිනම් එය මත click කරන්න
customize and control google chrome කියන සලකුන උඩ click කරන්න


ඉන් පසු bookmark manager


පසුව export bookmarks යන්නෙන් bookmark save කිරිමට අවශය තැන තෝරා දෙන්න.පෙර පරිදිම import bookmark යන්නෙන් කලින් backup කල bookmark ලබාගත හැක.


එහෙමත් නැතිනම් chrome වල bookmark  user name හා pass word  ලබා ගැනිමට තව ක්‍රමයක් බලමු.
xp වල නම් start------>run එකේ මෙම කොඩ් එක past කර enter කරන්න.
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data


***එවිට පිවිසෙන user data folder එක තුල ඇති default folder එක තුලට පිවිසෙන්න.එය තුල ඇති bookmarks කියනfil එක copy කර තමුන් සාදා ගත් folder එකකට past කරගන්න.




****password ලබාගැනිමට අවශය නම්  Login Dataලෙස ඇති fileඑක copyකර තමුන් සාදාගත් folder එකක past කරගන්න.
ඔබට chrome uninstalle කර නැවත පෙර bookmarks හා password ලබා ගැනිමට අවශය නම් පෙර පරිදිම 
start------>run එකේ ඉහත කොඩ් එක past කර enter කරන්න.


*****පසුව අපි සාදා ගත් බැකප් ෆොල්ඩරය තුල වු bookmark හා login Data file copy කර past කරන්න එවිට overwrite කිරිමට විමසන අතර yes කරන්න. දැන් නැවතත් ඔබගේ bookmarks හා පාස්වර්ඩ් ඔබට භාවිත කර හැක.


xp සදහා   
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data
vista සදහා
%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data


එහෙමත් නැත්තන් ඔබට පාස්වර්ඩ් ලබාගැනිමට තවත් ක්‍රමයක් ඇත මෙය 7 සදහා සාර්ථක නොවන අතර xp හා vista සදහා යොදා ගත හැක.
මේ සදහා web browser pass view යන  කුඩා software එක භාවිතා කල යුතුය.මා කලින් pendrive එකෙන් හැක් කරන එකටත් මෙය භාවිතා කර ඇත.
මෙතනින් download කරගන්න
එහෙනම් මගේ බ්ලොග් එකට ආවට ඔක්කොටම ස්තුති.තව පොස්ට් එකකින් හමුවෙමු  ජය ශ්‍රි !

Saturday, July 30, 2011

Make Folder Lock Using Note Pad

Folder Locker එකක් නෝට් පැඩ් එකෙන් හදමු.






කොහොමද යාලුවනේ  මගේ බ්ලොග් එකට ආවට මුලින්ම ඔයාලට තැන්ක්ස් කියන ගමන් මම අද කියල දෙන්න යන්නේ කොහොමද අපිට නෝට් පැඩ් එක එහෙම නැත්තන් ඕනිම ටෙක්ස් එඩිටර් එකක් යුස් කරලා අපේම කියලා ෆොල්ඩර් ලොකර් එකක් හදාගන්න විදිහ.හරිම සිම්පල් දෙයක් ඔයාලට කරන්න තියෙන්නේ අපිට මේකට බැට් ෆයිල් එකක් ලියාගන්න ඕනි බය වෙන්න එපා කොඩ් එක මම පහලින් දාන්නම්.හරි  එහෙනම් අපි වැඩේ පටන් ගමු.     :D




1.මුලින්ම ඔයාලා නොට් පැඩ් එක හරි කැමති ටෙක්ස්ට් එඩිටර් එකක් ඔපන් කරලා මේ කෝඩ් එක පේස්ට් කරන්න ඊට පස්සේ save as ගිහින් ඔයා කැමති නමක් දීලා අගට bat කියන extention එක එකතු කරන්න.මතක තියාගන්න මෙහිදි save as type එක විදිහට text format එක නෙවේ all files යන්න තෝරන්න.




මේ තමා කෝඩ් එක




           cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==PUT YOUR PASS WORD HEAR goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

PUT YOUR PASS WORD HEAR කියන තැනට ඔයාලගේ කැමති පාස්වර්ඩ් එකක් දාගන්න.


2ඊට පස්සේ ඔයාලට ඔයාලා save කරපු තැන ඔයාලා දාපු නමින් බැට් ෆයිල් එකක් හැදිලා ඇති
your name.bat
ඒ ක ක්ලික් කරන්න .එතකොට

Are you sure u want to Lock the folder(Y/N)
> කියලා වැටෙයි ඊට පස්සේ Y  ගහලා එන්ටර් කරන්න එතකොට ඔයාට පෙනෙයි. Locker කියලා folder එකක් හැදිලා තියෙනවා.ඉට පස්සේ ඔයාට සැගවීමට අවශය  දේවල් ටික මේ locker කියන folder එකට copy  past කරන්න.ඊට පස්සේ  locker  එක  close කරලා.


නැවතත් අර කලින් අපි හදපු බැට් ෆයිල් එක කිලික් කරන්න.එවිට Are you sure u want to Lock the folder(Y/N)
>
ලෙස විමසන අතර y ලෙස සදහන් කර එන්ටර් key  එක press කරන්න.
එවිට ලොකර් ෆොල්ඩර් එක සැගවෙන අතර.නැවත ලබාගැනිමට අවශය වු විට නැවත බැට් ෆයිල් එක කිලික් කරන්න.


හරිම පොඩි දෙයක් තමා මෙතන තියෙන්නේ කරලම බලන්න.නිකන්  කරලා බලන්න.වැඩේ කියනේ මේ වගේ ටෙක්නිකල් ගැන ආර්ටිකල් දැම්මට commnts වැටෙන්නෙම නැති තරම් ඒ උනාට කාත් එක්ක හරි බීලා වැටිලා පිස්සු නටපු එකක් ගැන artical එකක් දැම්මනම් හෝ ගාලා commnts.ඔයාලට හිතෙන දෙයක් අකුරු කරලා යන්න.word verification එහෙමත් අයින් කරලා තියෙන්නේ.
තව ගොඩක් ජාති ගැන lessons දාන්න idea එකක් තියෙනවා.වෙලාව තියෙන හැටියට දාන්න try එකක් දාන්නම් ජාවා වලින් කොහොමද තමාටම කියලා software develop කරනේනේ කියලා.තව තව ගොඩක් ජාති ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න.බලමු වෙලාව තියෙන හැටියට පාඩම් මාලාවක් දාන්න.
එහෙනම් බ්ලොග් එකට ආවට ගොඩක් ස්තුති එහෙනම් ආයෙත් එන්න ජය ශ්‍රි !

Wednesday, July 27, 2011

රුවන්වැල්ලේ ස්ත්‍රි දුශකයා

අන්කොක්කාවල සුනිල් නැමති ස්ත්‍රි දුශකයා.නෙත් fm නාලිකාවේ බැලුම්ගල වැඩසටහනේ විකාශය වු කොටස.

දෙවෙනි කොටස


මෙවැනි හොර ස්ත්‍රි දුශකයන්ට විරුද්දව අදාල බලදාරින් ක්‍රියාත්මක නොවන්නේ මන්ද?????????