Adlink

Showing posts with label social. Show all posts
Showing posts with label social. Show all posts

Friday, August 3, 2012

TRC Speed Test

ෆැකල්ට් ඉන්නකොට ස්පීඩ් එක :)








ගෙදර ස්පිඩ් එක :(



හායි කස්ටිය මේ දවස් වල SLT පාවිච්චි කරන ගොඩක් අයගේ නෙට් slow වෙලා කියලා තමයි කියන්නේ මගෙත් පේජ් එකක් ලොඩ් වෙන්න හෙන වෙලාවක් යනවා 512kbps අන්ලිමිටඩ් ලයින් එකක් කියලා තමයි මුලින් ගත්තේ ඒ උනාට නෙට් ස්පීඩ් දැක්කම දුකේ බැ කෝකටත් කියලා trc එකෙන්ම ස්පිඩ් ටෙස්ට් එක කරා කරලා බැලුවම මටම දුක හිතෙනවා ඇයි SLT එකෙන් මිනිස්සුන්ගෙන් ගන්න මුදලට සේවයක් දෙන්නැත්තේ කියලා.මාසෙකට 1800 ගානක් පාවිචි කරත් නැතත් අයකරනවා නමුත් එයට සරිලන සේවයක් ලබා දෙන්නට ඔවුන් අසමත්.මේ මගේ ස්පිඩ් ටෙස්ට් ප්‍රතිපල දුකේ බැ කුනුහරුප මතක් වෙනවා.512kbps
පැහැදිලි කිරිමක් කරනවානම්
8bit=1Byte
එමනිසා 512 kilobit per second=512/8
=64 kilo byte per second
නමුත් මගේ නව වේගය 86.2 kilobit per second =86.2/8= 10.775 තත්පරයට කිලෝ බයිට්

දුකේ බැ මොනවා කරන්නද.ෆැකල්ටි ඉන්නකොට නෙට් ස්පීඩ් එක 3.3MB
තත්පරයට 3.3 මෙගා බයිට් විතර
මොනා කරන්නද :(

ඔයාලත් ඔයාලගේ ස්පිඩ් එක මෙතනින් බලාගන්න

http://speedtest.trc.gov.lk/TRCSpeed/broadband.php








Tuesday, July 31, 2012

පොස්ට් 100ක් ගැහුවා




















හායි කස්ටිය කොහොමද මාත් ඔන්න බ්ලොග් අවකාශය තුල පොස්ට් 100ක් ගැහුවා.මගේ බ්ලොග් කරනයට පිවිසිම ගැන කතා කරොත් මුලින්ම ස්තුති කරන්න ඕනි මහසොනා බ්ලොග් එකේ මල්ලිට මොකද එයා තමයි මුලින්ම මට අයියා මේ ටික බලන්නකො කියලා ගුරු LK එකයි,electronic ගැන සින්හලෙන් තියෙන බ්ලොග් එකකුයි මහසෝනාගෙ අඩවිය බ්ලොග් එකයි දුන්නේ කියවන්න කියලා.එදා මටත් හිතුනා සින්හල බ්ලොග් එකක් කරන්න ඕනි කියලා.කෙනෙකුටක වචනෙකින් හරි උදව්වක් වෙන දෙයක් කරන්න.2010 නොවැම්බර් මාසේ ආරම්භ කරනකොට මම මුලින්ම දැන්මේ cheat engine එකෙන් torrant speed කරන හැටි කියලා ඒකෙදි ස්වල්ප වශයෙන් වේගයේ වැඩි විමක් තිබුනද ඒවා ගැන මතක් වෙනකොට හිනත් යනවා .ඒකාලේ තිබුන ගොඩක් බ්ලොග් වලින් ගොඩක් තාක්ශනික ජාති, අන්තර්ජාලය ,බ්ලොග් ගැන ගොඩක් ජාති ඉගෙන ගත්තා.බිලා ආතල් ගත්තුවා ජොයින්ට් ගහපුවා කැලි ටොක් කරපුවා කවි කතන්දර නිසදැස් ලියනවාට වඩා කෙනෙකුට ප්‍රයෝජනයක් වෙනදෙයක් ලියන්න උත්සහ කරා ලියනවානම් කවිකතන්දර එමටයි :P නමුත් ඒවගෙන් කාටවත් වැඩක් නැ විනාඩි දෙක තුනක සොමියක් විතරයි comment නම් බරටම වැටෙයි නමුත් කාටවත් පලක් වුවාදැයි සැකය.මෙහෙම කිවා කියලා කතන්දර ලියන කස්ටිය තරහ වෙන්න එපා ඒක එක එක්කෙනාගේ කැමත්ත නොවැ :)
මම දන්න දෙයක් තිබුනොත් අනිත් අයත් එක්ක අනිවාර්යෙන් බෙදා ගන්න හිතෙනවා.ඒක මගෙ වැරැද්දක්ද දන්නැ සමහරු මට කියලා තියෙනවා ඕවා කියලා දෙන්න එපා කියලා අනේ මන්දා මම පොරකුත් නෙවෙ වැඩ්ඩෙකුත් නෙවෙ මම දන්න පොඩි දෙයක් හරි කාට හරි ප්‍රයෝජනයක් උනානම් මට ඒ ඇති comment ලැබුනත් නැතත් මගෙ බ්ලොග් එකට මෙතෙක් කල් ගොඩවැදුන දැනට 52909 වන ගනන වෙනුවෙන් ස්තුති වෙනවා.මාත් එක්ක හිටපු කමෙන්ට් කරලා දිරිගන්වපු ඊමේල් එවපු follow කරපු හැමෝටම බොහොම ස්තුති
නැවත පොස්ට් එකකින් හමුවෙමු ජය ශ්‍රි !
මිට
Sameera Madushan Dissanayaka










Sunday, July 8, 2012

රට වෙනුවෙන් vote කරන්න


උපුටා ගැනිමකි
කජුවත්ත එක්සත් Cricket සමාජය




අපේ මවුබිමට තවත් අගනා කීර්තියක් අත් කර දීමට පෙරමුණ ගෙන සිටින අපේම සොහොයුරු කණ්ඩායමට ඔබේ සහය පළකර ශ්‍රී ලංකා නාමය ඉදිරියට ගෙන ඒමට අපි සමග අත්වැල් බැඳගන්න.

ජුලි මස 9 වන දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ තරඟාවලිය වන Imagine Cup හි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායම, මේ වනවිට තරඟාවලියේ මහජන මතය උරගා බලන “ජනප්‍රියම ඉදිරිපත් කිරීම - People’s Choice" අංශයේ පස් වන ස්ථානය ලබාගෙන සිටියි.

අප කණ්ඩායම මෙම වටයේ ඉදිරියටම ගෙන යාමට ඔබ කල යුත්තේ http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71&teamid=55154 වෙත ගොස් ඔබගේ ඡන්දය ලබා දීමයි. මනාප පල කිරීම ජූනි 20 වන දින සිට ජූලි 9 වන දින දක්වා සිදුකල හැක.

මේ සදහා ඡන්දය ප්‍රකාශ කල හැකි අවසන් දිනය හෙටයි,එම නිසා දැන්ම ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් මේ සදහා වැය කරන්න.
මෙය ඔබේ මිතුරන් අතරේ SHARE කරන්න.




දිනවමු sri lanka vote for SL


කොහොමද යාලුවනේ මම මිට කලින් ලිපියකිනුත් මේ පිලිබදව උදව් ඉල්ලුවා
අප රටට කිර්තියක් ගෙන එන වැඩක් ගැන ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා imagine cup 2012 තරගයේදි ලන්කාවෙන පලමු ස්තානයට පත් උනේ මොරටුව විශ්ව විදයාලයේ තොරතුරු තාක්ශන පිඨය කියලා.දැන් අපේ අයියලා රටවල් 60ක් එක්ක තරග කරලා දෙවන ස්තානයට පත්වෙලා ඉන්නවා .අපිට ඔයාලගේ votes ගොඩක් වැදගත් ලන්කාව පලමු ස්තානයට ලගා විමට ඔබගේ උපරිම සහය ලබා දෙන්න .ඔයාලට සැම විනාඩි 15 කට වරක් vote කරන්න පුලුවන් දන්න කියන හැමෝටම කියලා අපේ රට දිනවන්න දායක වෙන්න
vote කරන්න පහත ලින්ක් එක භාවිත කරන්න

වරක් PCA public choice award පලමු ස්තානයට පත්වු අප දැන් 5 වන ස්තානයේ පසුවේ ඔබගේ votes මගින් ශ්‍රි ලන්කාව පලමු ස්තානයට නැවත ගෙන එමු.දිනවමු ලන්කා
ජය ශ්‍රි !





PROJECT TITLE:B­A­C­K­ ­2­ ­E­A­R­T­H­ ­-­ ­T­H­E­ ­S­O­C­I­A­L­,­ ­L­O­C­A­L­ ­A­N­D­ ­M­O­B­I­L­E­ ­S­O­L­U­T­I­O­N
V­3­6­0

SRI LANKA

SOFTWARE DESIGN

MALINDESILVA
University of Moratuwa-Faculty of Information technology-Sri Lanka
RUKSHAN DANGALLA
University of Moratuwa-Faculty of Information technology-Sri Lanka
THURUPATHAN
Faculty of Information Technology, University of Moratuwa

SAJINIJ

Wednesday, July 27, 2011

රුවන්වැල්ලේ ස්ත්‍රි දුශකයා

අන්කොක්කාවල සුනිල් නැමති ස්ත්‍රි දුශකයා.නෙත් fm නාලිකාවේ බැලුම්ගල වැඩසටහනේ විකාශය වු කොටස.

දෙවෙනි කොටස


මෙවැනි හොර ස්ත්‍රි දුශකයන්ට විරුද්දව අදාල බලදාරින් ක්‍රියාත්මක නොවන්නේ මන්ද?????????